ඩේසි ආච්චිට සහ යෝෂිතට අධිචෝදනා භාරදෙයි. ඇප මත නිදහස් !

0
15


සටහන – රුවන් නෙළුගොල්ල

යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අද (අප්‍රේල් 04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.

ඒ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුකෙරුණු අතර ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියම කරන ලදී.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි 30 වනදා පැවැත්වීමට ද මහාධිකරණය නියම කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here