බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.
දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් අතරින් 50% ක්ම බස්නාහිර පළාත තුළින් වාර්තා වනවා.
මේ හේතුවෙන් මෙම විශේෂ කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කිරීමට කටයුතු කර තිබෙනවා.
ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවලින් අවම ජනතාවට යහපත් වටපිටාවක් සකස්කරදීම මෙහි ප්‍රධාන අරමුණයි.
මේ අතර බස්නාහිර පළාත තුළ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මක වනවා.
0112 092720 හෝ 0112 092721 යන දුරකතන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.
ඒ, අනුව ඕනෑම අවස්ථාවක බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකියි.
Saru FM Media