ඩෙංගු මර්දන සහායකයින් 671ක් ස්ථිර සේවයට!

0
5


කොළඹ LNW:කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති අනුමැතිය අනුව සුදුසුකම් සපුරා ඇති ඩෙංගු මර්දන සහයකයින් 671ක් ස්ථිර සේවයට එක් කිරීමට සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය 26 සහ 27 යන දෙදින තුළ පවත්වා ඇති අතර ඊට 660කට අධික අයදුම්කරුවන් ප්‍රමාණයක් සහභාගී වී ඇත.

ඒ අනුව අදාළ ස්ථිර පත්වීම් ලබන මසදී ලබාදීමට නියමිතයි.

රට තුළ වරින් වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා අවධානය යොමුකරමින් ඊට අදාළව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය අරමුණු කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here