ප්‍රංශයේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජුගේ සමීපතමයකු බව කියන ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ‘නොමා’ නමැත්තාගේ මත් ජාවාරමේ හා ගිනිඅවි ප්‍රවාහනයේ ප්‍රධානියා පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28දා) දහවල් පන්නිපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සමග හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75යි මිලිග්‍රෑම් 400ක්, විවිධ වර්ගයේ ජීව පතොරම් 458ක්, ටී 56 පතරොම් ගැබක්, ව්‍යාජ වාහන අංක තහඩු 30ක් (ඉදිරිපස හා පිටුපස), එම අංක තහඩුවලට අදාළ ආදායම් බලපත්‍ර 15ක් සහ රක්‍ෂණ සහතික 15ක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 02ක් සහ යතුරු කැරලි 01ක් අත්අඩංගුවට ගෙන ඇත.
ජයවර්ධනපුර කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය 11 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ. ආර්. ජී. එච්. යූ. බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් ක්‍රිෂාන්ත (83467) නමැති නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී කොට්ඨාව පොලිස් ස්ථානයට කිලෝමීටර් 02ක් පමණ දුරින් කොට්ටාව පන්නිපිටිය, විහාර මාවත, රුක්මලේ පාර ප්‍රදේශයේ නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු නඩු භාණ්ඩ ද සමග බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇත.
චමින්ද සිල්වා
Saru FM Media