ඩුබායි ගුවන්තොට ආසන්නයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 4කට තුවාල 

0
1

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් හතර දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

තුවාල ලැබූවන් අතර, ඉන්දීය ජාතිකයෙක්, ඝානා ජාතිකයන් දෙදෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයෙකු වන බව ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා පැවසුවේ ය.

කෙසේවුවද, ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඩුබායි රජය පවසයි.

ගුවන්තොටුපළට සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වී නැත.

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට දින පහක් තුළ ඉරාන ඩ්‍රෝන යානා ළඟා වීමට සමත් වූ දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here