ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතාගේ සංවිධානයෙන්, ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් ඩුබායි හිදී පවත්වා තිබුණි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහභාගී වී ඇත.
මීට අමතරව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙම සැමරුම සහගී වී තිබේ.
Saru News










