ඩුබායිවලදී ශ්‍රී ලාංකිකයෙකුට සුළු තුවාල

0
3

ඩුබායි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේදී ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.

ශ්‍රී ලාංකිකයෙකු, බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මෙහිදී සුළු තුවාල සිදුවී ඇත.

දකුණු ඩුබායි හි නේවාසික ප්‍රදේශයකට මෙම සුන්බුන් පතිත වී ඇති අතර, ඉන් දේපොළ හානි ද සිදුවී තිබේ.

අද දිනය පුරා ඩුබායි වැසියන්ට ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක්ම ඇසී ඇති අතර, ඒවා ඉරානයෙන් එල්ල වූ ගුවන් තර්ජන මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ ගත් ක්‍රියාමාර්ග බව ඩුබායි මාධ්‍ය කාර්යාලය පවසයි.

2026 පෙබරවාරි 28 දින ආරම්භ වූ යුද්ධ තත්ත්වයෙන් පසු, එක්සත් අරාබි එමීරේට්ස් තුළ පුද්ගලයින් 178 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මරණ 11ක් වාර්තා වී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here