ඩීසල්වලට රු.සියය දක්වා සහනාධාරයක්!

0
5

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයවීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය” නිල වශයෙන් ඇරැඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

තව සතියකින් ලෝක වෙළඳපොලේ ඩීසල් මිල කොතරම් ඉහළ යාවිදැයි කිව නොහැකි බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

“ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය” හරහා ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි අරමුණ වන අතර ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

The post ඩීසල්වලට රු.සියය දක්වා සහනාධාරයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here