තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාගත නොහැකි වූ වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න පිරිසකට ඉදිරි අයවැයෙන් සහනයක් ලබාදෙන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
2019 වසරෙන් පසුව තීරුබදු රහිත සහන වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වසර 6ක් පුරා කිසිදු ආකාරයක සහන වාහන බලපත්‍රයක් ලබාගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී ඇතැයි ද එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.
තරුණ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව පවසන වෛද්‍යවරයා, මෙම තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෛද්‍යවරුන් හිඟවීමේ අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ද කියා සිටී.
සුජීව තත්සර
Saru FM Media