ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

0
4


වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු අනුව කුරුඳුවත්ත පොලිස් වසමේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි වෑබඩ, උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ සෙහොයුරාගේ ඝාතනයටස සම්බන්ධ සැකකරුවෙකු වන බවයි පොලීසිය පැවසුවේ. 

ඉකුත් අප්‍රේල් මස 22 වනදා සිදුවූ එම ඝාතන සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු පසුගිය 24 වනදා පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර එම සැකකරු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here