පසුගිය අප්‍රේල් මස 22 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙම සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ දී ඊයේ (03) දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පෙරේදා දිනයේ බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු විසින් අනාවරණය කළ තොරතුරු මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 28ක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුගෙන් අනාවරණය කරගත් කරුණු අනුව අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය, ආරක්‍ෂිත හිස්වැසුම, ජංගම දුරකථන දෙකක් සහ සිම්කාඩ්පත් දෙකක් ද සොයාගෙන තිබෙනවා.
Saru FM Media