ඩාර්ක් චොකලට් කෑමේ නොහිතන වාසි 7ක්

0
9


සීනී අමාරුව හදවන නසරාණි කෑමක් විදියට චොකලට් දිහෑ බලන උදවිය මේ ලිපිය වැඩි ඕනෑකමකින් කියවිය යුතුමයි. මොකද චොකලට් කියන්නේ එයාලා හිතන් ඉන්න තරමටම අස්පට් කෑමක් නොවන නිසා. චොකලට්වලත් විවිධාකාරයේ ප්‍රභේද තියනවා. ඒ අතරින් ඩාර්ක් චොකලට් ගාණත් වැඩි, පොඩි කොලිටි වැඩි ගතියකුත් තියනවා. ගණන් වැඩියි කියලා බරපතල විදියේ වැඩියක් නෙවෙයි ඒක. සාමාන්‍ය චොකලට් පෙත්තකින් වෙන් වෙලා ලෙවල් එකේ ඉන්න ඩාර්ක් චොකලට් කෑමෙන් මෙහෙමත් දේවල් වෙනවා කියලයි කියන්නේ.



1. රුධිර පීඩනය සහ සංසරණය මනා ලෙස පවත්වා ගැනීම


ඩාර්ක් චොකලට්වල අම්බානෙකට ප්‍රතිඔක්සිකාරක තියෙනවා. රුධිර පීඩනය අඩු කරලා හෘත් වාහිනී පද්ධතියට මේ ඔක්සිකාරක ලොකු උදව්වක් තමයි කරන්නේ. මේකට වැඩි වශයෙන්ම බලපාන කාරණයක් තමයි 70%ක් පමණ වෙන්න තියෙන කොකෝවා. එහෙමයි කියලා ඉවක් බවක් නැතුව කනවා එහෙම නෙවෙයි. අදාළ පරීක්ෂණය පවා සතියකට කැලරි 30ක් පමණක් කවලා තමයි කරලා තියෙන්නේ.



2. ආතතිය අවම කිරීම


ආතතියට මොනවම හරි හපන එක පුරුද්දක් වෙන කෙනෙක්ට ඒ දේවල් වෙනුවට ඩාර්ක් චොකලට් කන්න පුරුදු කරා නම් වෙන්නේ මෙච්චරයි. කෝටිසෝල් කියන්නේ අපේ ඇඟේ තියන ආතති හෝර්මෝනයට. ඩාර්ක් චොකලට්වල ඇති විවිධ සංඝටක මේ කෝටිසෝල් එක්ක පොර බදන්න හේතු වෙනවා. අධික ආතතිය හමට පවා බලපෑමක් ඇති කරවනවා. ඉතින් ඩාර්ක් චොකලට් කෑමෙන් අඩු කොලජන් බිඳවැටීමක් එක්ක ම තත්ත්වය යම් තාක් සමබර කෙරුමේ හැකියාව තියනවා.

 


3. හිරුගෙන් අවම අනතුරු


කොහොමත් මේ දරාගන්න බැරි අමාරු කාලයක්.  අව්ව සහ රස්නේ එක්ක බලන්නෙම අපේ හම විනාශ වෙන්න තමයි. ඉතින් ඩාර්ක් චොකලට් මේ වෙලාවට සන්ස්ක්‍රීන් ලෝෂන් එකක් වගේ උදව් දෙනවා. හිරුගෙන් එන අහිතකර UV කිරණයන් එක්ක මේ වගේ යමක් අවශ්‍ය වෙනවා. ඩාර්ක් චොකලට්වල තියෙන ෆ්ලෙවනෝල් වගේ ප්‍රතිඔක්සිකාරක මෙයට හේතු වෙනව.



4. දත් රැකගැනීමට


ඔව් මේක වෙන්න බැරිම වැඩක්. ඒ වුණාට වෛද්‍ය විද්‍යාත්මකව ඇත්තටම වෙන වැඩක්. ඩාර්ක් චොකලට්වල අඩංගු යමක් නිසා දත්වල සිදුරු ඇති වෙන එක වළක්වනවා. ඩාර්ක් චොකලට් එකේ කොකෝවා සාරය සාමාන්‍ය චොකලැට්ටුවට වඩා වෙනස්. මේ වැඩේට හේතු වන්නෙත් අන්න ඒ කියන කොකෝවා ම තමයි. කන චොකලට් එකේ 70%ක් කොකෝවා තියනවද කියලා බලලයි ගන්න ඕනි ඉතින්.



5. මොළය වර්ධනයට


මුලින්ම කතා වුණා මේ නිසා හොඳින් රුධිරය සංසරණය වන බව. ඉතින් හදවතේ ඉඳන් මොළයට හොඳ ලේ සැපයුමක් යනවා. ඒත් එක්ක ම චොකලට් එකේ අඩංගු PEA කියන සංඝටකය අපේ සතුටු එන්ඩෝර්ෆින් මුදා හරින්න මොළය උත්තේජනය කරනවා. හරි සන්තෝසයි!



6. බර අඩුවීමට


එහෙම අරුම පුදුම වැඩ තමයි ඩාර්ක් චොකලට් කරන්නේ. කෙලින්ම බර අඩු කරගන්න පෙට්ටි ගණන් කෑම නම් නෙවෙයි ඉතින් මේකේ ගතයුත්ත. කෑමට පෙර හෝ පසු ඩාර්ක් චොකලට් කෑමෙන් බඩ පිරුණු ගතියක් ඇති කරනවා. ඒක ඉතින් කෙලින්ම ආහාර රුචිකත්වයට බලපානවා. එහෙම කෑම පාලනයක් වීමෙන් බර අඩු වෙනවා.

 


7. කොලෙස්ටරෝල් පාලනය


අපේ ශරීරයේ හොඳ කොලෙස්ටෙරෝල් සහ නරක කොලෙස්ටරෝල් කියලා දෙකොට්ඨාසයක් තියෙනවා. ඉතින් හොඳ එක වැඩි කරන්නත් අනෙක අඩු කරන්නත් සීනි රහට නොදැනෙන කොකෝවා රහට හැපෙන ඩාර්ක් චොකලට්වලට පුළුවන්. ඔය ඔක්කොටමත් වඩා ඩාර්ක් චොකලට් ප්‍රියතාවක් ඇතුව කන්න පුළුවන්. පෝෂණයෙනුත් ඉහළයි. ඉතින් සතියක් අදින්න හරි ඩාර්ක් චොකලට් බාර් එකක් ගෙනල්ලා තියාගන්න.

The post ඩාර්ක් චොකලට් කෑමේ නොහිතන වාසි 7ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here