ඩ්‍රෝන යානා ගැන අවදානය – පොලිසියෙන් නිවේදනයක් – Saru News | සිංහල

0
2

ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව පොලිසියේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ඒ අනුව මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදුකළ යුතු වුවද ඇතැම් ආයතනයන් මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම් සිදුකරන බවට තොරතරු අනාවරණය වී ඇත.

එබැවින් ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුළ ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන හා අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කිරීමට අවධානය යොමුකරන ලෙසයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here