හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරිණ.
විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත’ ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙත අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය ප්‍රකාශ කළාය එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරි හංසිකා කුමාරසිරි මහත්මිගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 දක්වා කල් තැබුණි.
Saru FM Media









