ඩයට් කරන ඔබට Law Carb Sandwich Recipes

0
20


බර අඩු කරගන්න ඩයට් කරන අයට පාන් කියන්නේ නුසුදුසු ආහාරයක් කියලා බොහෝ දෙනා අතර මතයක් තිබෙනවා.නමුත් ඩයට් කරන ඔබට දුඹුරු පාන් හෝ නිවසේ හැදූ කාබෝහයිඩ්‍රේට් අඩු පාන් ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරය සඳහා law carb sandwich ආහාරයට ගැනීම ශරීරයේ බර ගැන හිතන ඔබට වඩාත් සුදුසුයි. අද අපි ඔබට කියන්න යන්නේ law carb sandwich වර්ග කීපයක් ලේසියෙන්ම සකස් කර ගන්න ආකාරයයි

අඩු කාබෝහයිඩ්‍රේට් සැන්ඩ්විච් පාන් පෙත්තක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1 ට වඩා අඩු ප්‍රමාණයක් ඇති අතර එක් පෙත්තක ඇත්තේ කැලරි 38 ක් පමණි. බොහෝ වෙළඳසැල් වලින් වල ඇති අඩු කාබ් පාන් පෙත්තක, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 2 ට අඩු ප්‍රමාණයක් තිබෙනවා.

පාන්
බැදගත් හැම්
චීස් පෙති
පෙති කපාගත් තක්කාලි
සලාද කොළ

බැදගත් හැම් , චීස් පෙත්තක් ,තක්කාලි පෙත්තක් සහ සළාද කොළ පිළිවෙලින් තබා සැන්විච් එක සකස් කරගන්න

පාන්
සලාද කොළ
බේකන්
තක්කාලි
අලිගැටපේර
අවශ්‍ය පමණට ලුණු
ගම්මිරිස්

සලාද කොළ ,බේකන් ,තක්කාලි පිලිවෙලින් තබා ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කල අලිගැටපේර මිශ්‍රණයක් ද තවරා සැන්විච් සකස් කර ගන්න

පාන්
මයෝනීස් සෝස්
පිපිඤ්ඤා
තක්කාලි
ළූනු
තම්බා පොඩි කරගත් කුකුල් මස්

පාන් පෙති දෙකකට මයෝනීස් සෝස් තවරා ගන්න ,බීජ ඉවත් කරගත් පිපිඤ්ඤා පෙත්තක් ,තක්කාලි පෙත්තක් , ළූනු පෙත්තක් සහ තම්බා පොඩි කරගත් කුකුල් මස් ස්වල්පයක් පිලිවෙලින් අතුරා සැන්විච් එක සකස් කරගන්න

තම්බා ගත් බිත්තර
අලිගැටපේර
ළූනු
තක්කාලි
සලාද කොළ

තම්බා පෙති කපා ගත් බිත්තර ,අලිගැටපේර පෙත්තක් , ළූනු පෙත්තක් , තක්කාලි පෙත්තක් සහ අවශ්‍ය නම් සලාද කොළයක් පිළිවෙලින් තබා සැන්විච් එක සකස් කරගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here