ඩයට් කරන ඔබට දවල් කෑම වේල සදහා සුදුසු කාබෝහයිඩ්‍රේට් අඩු කෑම වර්ග

0
11


ශරීරයේ බර ගැන හිතලා diet කරන ඔබ ආහාරයට ගන්න හැම දේ ගැනම ඉතාම සැලකිලිමත් වෙනවා ඇති. දවල් වේල සදහා බත් වැනි කාබෝහයිඩ්‍රේට වැඩි ආහාර වලට හුරු වූ අපිට low carb ආහාර වේලකට හුරු වීමත් අභියෝගයක් . නමුත් ඔබ සිරුරට ලබා ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අවම වීම තුලින් ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමේ ඉලක්කය ඉක්මනින් සපුරා ගන්න ඔබට පුලුවන් . ඉතින් diet කරන ඔබට දවල් කෑමට සුදුසු මොනවද ? ඒ ගැන මේ ලිපියෙන් කතා කරමු.

කටු ඉවත් කරගත් කුකුල් මස්
අලිගැටපේර ගෙඩි 1
රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
යෝගට් 1
මයෝනීස් සෝස් මේස හැඳි 1
හීනියට ඉරාගත් අයිස් ගෝවා
කොටු කපා ගත් බීළූණු
කොටු කපාගත් පිපිඤ්ඤා

මුලින්ම කටු ඉවත් කරගත් කුකුල් මස් කැබැල්ල හොඳින් තම්බා ගන්න

දැන් භාජනයක් ගෙන එයට අලිගැටපේර ඇතුලු අනෙක් අමුද්‍රව්‍ය සියල්ල එකතු කර මිශ්‍ර කරගෙන එයටම තම්බා ගත් කුකුල් මස් කැබලි කඩාගෙන එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

කටු රහිත කුකුල් මස්
බ්‍රොකලි අවශ්‍ය පමණට
තක්කාලි ගෙඩි 1
ඔලිව් තෙල් තේ හැඳි 2
ලෙමන් යුෂ තේ හැඳි 2
රස අනුව ලුණු සහ ගම්මිරිස්

මුලින්ම කුකුල් මස් තම්බාගෙන පොඩි කරගන්න ,නැතිනම් කුඩා කැබලි වලට කඩාගන්න

ඉන්පසුව බ්‍රොකලි හොඳින් පිරිසිදු කර විනාඩි තුනක් පමණ තම්බා ගන්න

භාජනයක් ගෙන කුකුල් මස් , බ්‍රොකලි එකතු කර එයට ලුණු, ගම්මිරිස් ,ඔලිව් තෙල් , ලෙමන් යුශ කුඩාවට කපාගත් තක්කාලි එකතු කර මිශ්‍ර කරගන්න

හොඳින් බ්ලෙන්ඩ් කරගත් ඕට්ස් කෝප්ප 1
නිවිති කොළ 4 – 5
ලුණු ස්වල්පයක්
කහකුඩු තේ හැඳි 1/4
බිත්තර 1
බටර් අවශ්‍ය පමණට

වතුර ස්වල්පයක් එකතු කර නිවිති හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.දැන් එයට බිත්තරය එකතු කර නැවතත් බ්ලෙන්ඩ් කරන්න

ඉන්පසුව මෙයට රස අනුව ලුණුද , කහ ස්වල්පයක් ද එකතු කරන්න

කලින් බ්ලෙන්ඩ් කරගත් ඕට්ස් ටික මෙයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.මිශ්‍රණය උකු වැඩි නම් වතුර ස්වල්පයක් එකතු කරන්න

පෑන් එකකට බටර් ස්වල්පයක් දමා පෑන් කේක් සකස් කරගන්න

ඕට්ස් ග්‍රෑම් 30
බිත්තර 2
කුඩාවට කපාගත් බීළූණු
කුඩාවට කපාගත් කැරට්
කුඩාවට කපාගත් අමුමිරිස්
ලුණු
තෙල් තේ හැඳි 1/2ක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර සාමාන්‍ය ඔම්ලට් එකක් ආකාරයෙන් පෑන් එකකට බටර් දමා සකස් කරගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here