ටොංගා දූපත් රාජ්‍යයේ හටගත් රිච්ටර් පරිමාණ ඒකක 7.1ක භූමිකම්පාව හේතුවෙන් නිකුත් කෙරුණු සුනාමි අවදානම ඉවත් කෙරුණා.
මෙම භූ කම්පනයෙන් සුළු හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එරට වේලාවෙන් අලුයම 1:18 ට ඇති වූ භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.
ඉන් පසු බොහෝ පිරිසක් රට අභ්‍යන්තරයට හා උස් බිම්වලට ගමන් කරනු දක්නට ලැබුණා.
ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ භූමිකම්පාව කිලෝමීටර් 29 ක් ගැඹුරින් සිදුවූ බවයි.
එය ප්‍රධාන දූපතේ සිට කිලෝමීටර් 100ක් ඊසාන දෙසින් කේන්ද්‍රගත ව තිබුනා.
පැය කිහිපයකට පසු, එම ප්‍රදේශයේම රිච්ටර් පරිමාණ 6.1 ක පසු කම්පනයක් ද සිදු වුණා.
Saru FM Media