ටොංගා දූපත් ආසන්නයේ රික්ටර් මාපකය 7.1 ක ප්‍රබල භූකම්පනයක්

0
15


ටොංගා දූපත් ආසන්නයේ රික්ටර් මාපකය 7.1 ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා 

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ එම භූ කම්පනය කිලෝමීටර 16 ක් (සැතපුම් 10 ක්) ගැඹුරින් සිදු වූ බවයි 

මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා 

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට සඳහන් කරන්නේ  භයානක සුනාමි රළ භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බවයි 

ටොංගා යනු දකුණු පැසිෆික් දූපත් 171 කින් සමන්විත පොලිනීසියානු රාජධානියක් වන අතර  ටොංගා හි ජනගහනය 100,000 කට වඩා වැඩි වනවා 

බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු ප්‍රධාන දූපතේ ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here