ටුවාලුහි පළමු ATM යන්ත්‍රය උත්සවාකාරයෙන් විවෘත කරයි

0
10


ලොව සංචාරකයන් අඩුවෙන්ම පැමිණෙන කුඩාම රටක් වන ටුවාලුහි පළමු ATM යන්ත්‍රය උත්සවාකාරයෙන් විවෘත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව කුඩාම රටවලින් එකක් වන ටුවාලු දූපත් 09 ක් එකතුවකින් සෑදුනු රාජ්‍යක්.

ඕස්ට්‍රේලියා හා හවායි අතර පිහිටි මෙහි ප්‍රමාණය වර්ග සැතපුම් 10 ක් පමණ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

11200ක් පමණ ජන ගහණයක් සිටින ටුවාලුහි පළමු ඇත, ATM යන්ත්‍රය දැවැන්ත චොක්ලට් කේක් එකක් කපා රටට හඳුන්වාදීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ටුවාලුහි ජාතික බැංකුවේ සාමාන්‍යධිකාරීවරයා පැවසුවේ මෙම ATM යන්ත්‍රය විශිෂ්ඨ ජයග්‍රහණයක් සහ පරිවර්තනීය වෙනසක් බවයි.

ටුවාලු රාජ්‍යට එක් ගුවන්තොටුපලක් තිබෙන අතර අසල්වැසි ෆීජි රාජ්‍යයේ සිට සතියකට ගුවන්ගමන්වාර කිහිපයක් පමණක් සිදු කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළා.

ගුවන් යානා ගොඩබසින්නේ නැති අවස්ථාවල ප්‍රදේශවාසින් එය ක්‍රීඩා පිටියක් ලෙස භාවිත කරනවා.

අභ්‍යන්තර ගුවන්ගමන් කිසිවක් නොමැති ටුවාලුහි දූපත් අතර ගමන් සිදු වන්නේ පාරු මගිනුයි.

මුහුදු මට්ටම ඉහළයාම ඇතුලු දේශගුණික අර්බුදවලට වඩාත් ගොදුරුවන රටක්වන ටුවාලුහි විදේශ ඇමතිවරයා 2021 වසරේදී ජගත් සංවිධානය ඇමතුවේ දනක් වටා ජලයේ සිටිමිනුයි.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here