ඊයේ ( 24 ) පස්වරුවේ මිනුවන්ගොඩ , අඹගහවත්ත ප්‍රදේශයේදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් , ටී 56 ජීව පතරොම් 08 ක් හා පුහුණු පතරොම් 15 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .එම විමර්ශන කණ්ඩායමට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත .සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
වයස අවුරුදු 53 ක් වන එම සැකකරු අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru FM Media










