Tuesday, May 13, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ‘ටීචර් අම්මා’ දියණිය සමග අතුරුදන් – තරුණයා නවකයාට අතවර කරන්න හැදුවලු

‘ටීචර් අම්මා’ දියණිය සමග අතුරුදන් – තරුණයා නවකයාට අතවර කරන්න හැදුවලු

0
2


teacher-mother-disappears-with-daughter-young-man-tried-to-molest-new-student

මීගමුව ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති “ටීචර් අම්මා” ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දු නම් පහේ ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය තවම අතුරුදන්ව සිටින අතර ඇය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය වාර්තා කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, සැකකාර හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දියණිය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධිය පසුපස වෙනත් කතාවක් ඇති බව පොලිසිය පවසයි. දැනගන්නට ලැබෙන එම තොරතුරු මෙසේය.
 සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් පංති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ඇගේ කටාන නිවසේ කාර්යාලයක සිය පංති කාමරය ගොඩනගාගෙන පංති පවත්වන අතර ඇයගේ සහයට දෙතුන් දෙනෙකු වැඩකරන බව පැවසේ.


මෙම පහරකෑමට ලක්වූ තරුණයා හයේෂිකා ප්‍රනාන්දුගේ ශිෂ්‍යත්ව පංති සඳහා අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණ හා සජීවී විකාශයේ ස්ට්‍රීමින් තාක්ෂණික පහසුකම් සැපයීමේදී ඇයට සහය වෙමින් සිටි අයෙකි. ඇගේ කාර්යාලයේ කාලයක් තිස්සේ වැඩකරන බව කියන මෙම තරුණයාට අමතරව තවත් කිහිප දෙනෙකු එහි සේවය කරමින් සිට ඇත.
මෑතකදී එම කාර්යාලයට අලුතින් බැඳුණ තරුණියක වැඩ පුහුණුව සඳහා යොදවා තිබුනේ මෙම තරුණයා සමගිනි.ඔහු තරුණියට දැනගැනීමට අවශ්‍ය දේවල් කියාදෙමින් සමීපව කටයුතු කර ඇති නමුත් තරුණයා ඇයට ශාරීරික නොකටයුතුකම් කිරීමට උත්සාහ කරන බවට අලුතින් ආ තරුණිය හයේෂිකාට හා එම කාර්යාලයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පැමිණිලි කර ඇත.
මෙම සිද්ධිය ටික දිනකට පෙර සිදුව ඇති අතර එම අවස්ථාවේ කළමනාකරු හා හයේෂිකාගේ සැමියා සමග තරුණයා ඇති කරගත් නොරිස්සුම් සහගත කථාබහෙන් පසු මෙම තරුණයා කැටුව කටාන පොලිසියට ගිය එම දෙන්නා සිද්ධිය ගැන පැමිණිල්ලක්ද කර තිබුණි.
පොලිසියේදී ගැටුම සමථයකට පත්කරන්නට තවත් දිනයක් ලබාදී තිබූ අතර ඒ අතරතුර කාලයේදී මෙකී තරුණයා රැකියාවෙන් දොට්ට දමා තිබුණ අතර එම ක්‍රියාව අසාදාරණයක් බව පවසමින්  තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පෝස්ටුවක් පළ කර ඇය පිටතින් පෙන්වන චරිතය ඇතුලේ නැති බව කියමින් දොස් පවරා තිබුණි.
මෙම ක්‍රියාවලිය නිසා සමග හයේෂිකාගේ සැමියා සහ කළමනාකරුද තරුණයා හමුවීමට නැවත පැමිණ ගැටුම් ඇතිකරගත් බව පැවසේ.


මේ අතර හයේෂිකාද ඊට මැදිහත්ව ඇති අතර තමාට සමාජ මාධ්‍යයෙන් අපහාස නොකරන ලෙස බැණවැදී ඇත. තරුණයා නවක තරුණියට ලිංගික හිරිහැර කළ බව පවසමින් තරුණයාගේ රහස් ප්‍රදේශයට පාපහරක් එල්ල කරන්නේ එ් ගැන ඇති කරගත් කෝපාන්විත කථාබහකින් පසුවයි.
කෙසේ වෙතත් උල් සපත්තු පාපහරින් තරුණයාගේ රහස් ප්‍රදේශය තුවාලවී රුධිරය වහනය වීමත් සමග හයේෂිකා බියවී පැනගිය බව පැවසේ.තරුණයා රෝහල්ගතවී ප්‍රතිකාර ලබද්දී රෝහල් පොලිසිය මගින් පහරදීම ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ වනවිටත් තම දියණියද සමග හයේෂිකා නිවසින් පළාගොස් තිබුනේ පොලිසිය සමග ඇති අ‍ැයගේ සමීප සම්බන්ධය මත ඇතුළෙන්  ඇය සොයා එන බවට ලැබුණ ඔත්තුවක් නිසාය. (හයේෂිකාට BMICH සංදර්ශනාත්මක ආගමනයක් ලබාදී තිබුනේද පොලිසියයි)
කෙසේ වෙතත් පරීක්ෂණයට සම්බන්ධ කටාන පොලිස් නිලධාරීන් නිවසට පැමිණ ඇය නොමැති බව  දැනගත් පසු සිද්ධියට අදාළ හයේෂිකාගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විමර්ශන අනුව, හයේෂිකා ප්‍රනාන්දු විසින් එල්ල කළ බව කියන පා පහරක් තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර, එම තරුණයා මීගමුව රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් විමර්ශන වාර්තා අනුව, පහරදීමේ සිද්ධිය සිදුවී ඇත්තේ පහර කෑමට ලක්වූ තරුණයාගේ සහෝදරිය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හයේෂිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවකට පලිගැනීමක් ලෙස බව තරුණයා පවසා තිබේ. මෙම පලිගැනීමේ සිද්ධියට හයේෂිකා ප්‍රනාන්දු, ඇගේ සැමියා සහ ඇගේ ආයතනයේ කළමනාකරුවා සම්බන්ධ වී ඇති බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.
මේ සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද මැයි 13 (හෙට) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර
හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා සියලු විමර්ශන කටයුතු ඉක්මන් කර ඇති බවත් පොලිස් ප්‍රකාශක ප්‍රකාශ කර සිටී.
පහරකෑමට ලක්වූ තරුණයා දැනට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

gossiplanka image 1


gossiplanka image 2



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here