කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස මීගමුව කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.
ශිෂ්‍යත්ව උපකාරක පංති ගුරුවරියක්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තිය ඇය යටතේ සේවය කළ තරුණයෙකුට පහර දී නීතියෙන් සැඟව සිටීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම ඇතුළු ඒ සම්බන්ධයෙන කටයුතු කළ ආකාරය පිළිබඳව මෙම විනය පරීක්ෂණය පැවැත්වීමට ඉල්ලීම සිදුකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර දින ගණනාවක් සැඟව සිටි හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය පසුගිය 14 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසු ඇප මත මුදාහැරුණා.
මේ අතර පහර කෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අදාළ තරුණයා උපකාරක පංතියේ පරිගණක අංශයේ පුහුණුව සඳහා පැමිණි තරුණියකට අතවර කිරීමට තැත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
Saru FM Media