ටින් කල හා පැකට් කල කෑම ආහාරයට පෙර සැලකිලිමත් විය යුතු කරුණු.

0
12


කලබලකාරී ජිවන රටාවකට හැඩ ගැසුන අපට අද පැකට් කල සහ ටින් කල කෑම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගබඩා කිරීමේ පහසුව,ප්‍රවාහන පහසුව,පහසු මිළ ආදිය නිසා ටින් සහ පැකට් කළ කෑම හරිම ජනප්‍රියයි. ඉතින් මේ ගැන අපේ කාන්තාවන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කරුණු කාරණා රැසක් තියෙනවා.

ටින් කිරීම හෝ පැකට් කිරීම කියන්නේ ආහාර කල් තබා ගන්න එක් ක්‍රමයක් විතරයි.අතීතයේ අප කල්තබා ගැනීම් සිදු කලේ ස්වාභාවික ක්‍රමයට.ලුණුවල දැමීම,වැලි වලට යට කිරීම,මාළු ජාඩි දැමීම,පැණි දැමීම වගේ දේවල්.

ආහාර ටින් කිරීමේදී පියවර කිහිපයක් අනුගමනය කරනවා. මුලින්ම ආහාර කැබලි කොට අසුරා පසුව සීල් කර රත් කිරීමකට රත් කරනවා.එයින් එහි බැක්ටීරියා ඉවත් වනවා.

කෑම ටින් කිරීමේදී හෝ පැකට් කිරීමේදී පෝෂණය විනාශ නොවන බව පර්යේෂකයන් පවසනවා.නමුත් විටමින් c වැනි පෝෂක කොටස් විනාශවන බව පැවසෙනවා.

නුසුදුසු ඇසුරුම් නිසා පිළිකා වැනි මාරාන්තික රෝග වැළඳීමට ඇති හැකියාව වර්ධනය වනවා.ටින් කල ආහාර වලට එම ටින් නිසි ප්‍රමිතියෙන් නොයුතු නම් විවිධ රසායන ද්‍රව්‍ය එකතුවීමේ හැකියාව තිබෙනවා.වකුගඩු රෝග වැළඳීමේ ඉඩ ඒ නිසා ඇති වෙනවා.සමේ ගැටළු,උදරාබාධ ආදී රෝග රැසකට පාර කැපෙනවා.

ඉතින් පහසුවත් ලාභයටත් අමතරව සෞඛ්‍ය ගැනත් හිතන ඔබට මේ සියලු කරුණු කාරණා වැදගත් වෙයි කියලා අප හිතනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here