ටැප් ලයින් බ්ලොක් නැති නිවසක් සදහා මේ කරුණු ඔබට වැදගත් වේවි

0
13


බොහෝ නිවෙස්  වල තිබෙන ගැටලුවක් තමා නල පද්ධතිය සම්බන්ධයෙන් තිබෙන ගැටලු. නිවෙස සැලසුම් කිරීමේදී ඒ පිලිබඳව නොසලකා පසුව ඒ වෙනුවෙන් මහන්සි වන බොහෝ දෙනෙක් අප දැක තිබෙනවා.

විශේෂයෙන් නිවෙසකට ජලය ලබා ගැනීමේ නිශ්චිත ක්‍රමයක් තිබීම වැදගත්. නිවසට ජලය ලබා ගැනීම, ගබඩා කර තබා ගැනීම, භාවිතයට ගැනීම සහ බැහැර කිරීම, යන සියල්ලම නිවාස සැලසුමට ඇතුලත් වී තිබෙන්නට අවශ්‍ය වනවා.

ජලය භාවිතයට ගැනීමේදී ඒවා විවිධ අවශ්‍යතා සඳහායි භාවිතා කරන්නෙ. නෑමට, කෑමට, සේදීමට ආදී ලෙස මේවා වර්ග වෙනවා. මේ සියල්ලම නිවැරදිව කළමනාකරණය කරගැනීම සඳහා නවීන දැනුම අනිවාර්‍යයෙන්ම උපකාර වනවා.

විශේෂයෙන්ම නිවසක උණු ජලය පද්ධතියක් ලබා ගැනීම සඳහා නල එලීමේදී විශේෂ ක්‍රම අනුගමනය කිරීමට සිදු වෙනවා. සාමාන්‍යයෙන් නල එලීම සිදුවන්නේ ටයිල් මට්ටමේ සිට අඩියක් ගැඹුරින් වනවා. නමුත් උණු වතුර සඳහා නල සකස් කිරීමේදී එයටත් අඟල් හයක් පහලින් නල පද්ධතිය සකස් කළ යුතුයි.

ඒ වගේම උණු වතුර සඳහා විශේෂ නල වර්ග යොදා ගැනීමද කල යුතුයි.කරාමද නිසි ප්‍රමිතියෙන් වූ ඒවා විය යුතුයි. විදුලි රැහැන් පද්ධතිය ද නියමිත වෝල්ටේජ් එකකින් යුතු වියයුතුයි. එසේ නොමැතිව සාමාන්‍ය ගෘහස්ත විදුලිය යොදා ගැනීමෙන් ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉතින් මෙන්න මේ සියලුම කරුණු කාරණා සැළකිල්ලට අරගෙන අපට මෙන්න මෙහෙම සටහනක් හදා ගන්න පුලුවන්.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here