ට්‍රැවිස්ට මිස්වුණු වසර 130ක් පැරණි අළු බඳුන වාර්තාව

0
1

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිම ටෙස්ට් සටන වන ‘අළු බඳුන’ තරගාවලියේ වසර 130ක් පැරණි වාර්තාවක් අලුත්කිරීමට තිබු අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ට අද (22) අහිමි විය.

මෙවර අළු බඳුන තරගවාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වෙන තරගයේ දී මෙම සුවිශේෂී වාර්තාව ඔහුට අහිමි වී ගියේය.

එංගලන්තයෙන් හිමි වූ ලකුණු 205ක ඉලක්කය හඹායමින් සිටින ඔස්ට්‍රේලියාව මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 18කදී ලකුණු 111ක් රැස්කරගෙන ජයග්‍රහණය ලකුණු  94ක් පිටුපසින් සිටියේය.

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකරමින් සිටි ආරම්භ පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 73ක් රැස්කරගෙන සිටින අතර, ඔහු සිය අර්ධ ශතකය පන්දු 36කින් රැස්කිරීමට සමත් විය.

එය වසර 143ක ඉතිහාසයක් ඇති එංගලන්ත – ඔස්ට්‍රේලියා ‘අළු බඳුන’ තරග ඉතිහාසයේ 5වන වේගවත්ම අර්ධ ශතකය විය.

ඒ අනුව ඔහුට පන්දු 34කින් මෙහි වේගවත්ම අර්ධ ශතකය රැස්කර ඇති එංගලන්තයේ ජැක් බ්‍රව්න්ගේ වාර්තාව පන්දු 2කින් අහිමි වී ගියේය.

ජැක් බ්‍රව්න් 1895 වසරේ දී මෙල්බර්න්හිදී පැවති තරගයකදී එම වාර්තාව පිහිටුවා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here