ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.
එම ඉල්ලීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ඉරානය සමග ආරම්භ වී ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව පවත්වාගෙන යාම බව වාර්තා වේ.
අමෙරිකානු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අවදානමට ලක්වීම වැළැක්වීම සඳහා හමුදා ක්‍රියාමාර්ග අවම කරන ලෙස මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා අගමැති නෙතන්යාහුගෙන් ඉල්ලා සිටි බවය.
එමෙන්ම ලෙබනනය දැනට පවතින සටන් විරාම රාමුවට ඇතුළත් නොවන බව දෙපාර්ශ්වයම පිළිගෙන ඇතත්, ඊශ්‍රායලය අමෙරිකාවේ සාම වැඩපිළිවෙළට “සහාය දක්වන හවුල්කරුවෙකු වීමට” එකඟ වී ඇති බව වාර්තා වේ.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාර දිගින් දිගටම ලෙබනනයට ප්‍රහාර එල්ලකළ හොත් ඉරානය සටන් විරාමයෙන් ඉවත්වන බවත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවටත් අනතුරු අඟවා ඇත.
Saru News













