ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ ආනයන බද්ද

0
15


ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  තීරණය කර තිබෙනවා.

අදාළ බදු පැනවීම ඊයේ  දිනයේ ප්‍රකාශයට පත්කර ඇති අතර 05  වන දින සිට එය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම කර ඇත්තේ.  ‍

ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා තිබීම විශේෂත්වයක්.

අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීම සිදු කළ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඒ අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වනවා.

ශ්‍රී ලංකාව ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත් වීම විශේෂත්වයක්.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here