එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් එක් රටවලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීම සඳහා දින 90ක විරාමයක් නිවේදනය කර තිබෙනවා.
එම දින 90ක කාලය ලබා දී තිබෙන්නේ එක් එක් රටවලට අදාළව වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහායි.
නමුත් චීනය සඳහා එම සහනය අදාළ නොවන අතර ඔවුන් සඳහා පනවා ඇති තීරු බද්ද 125%ක්.
ඊයේ (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණා.
අමෙරිකාව යළි පොහොසත් කිරීමේ ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුව මත ක්‍රියාත්මක වූ බදු පැනවීම හරහා ලෝකයේ සියලුම රටවල පාහේ කොටස් වෙළෙඳපොලවල් කඩා වැටීමට ලක්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පවා ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.
ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම බදු ඉහළ දැමීමේ ක්‍රියාවලියෙන් පසු චීනයද අමෙරිකානු භාණ්ඩවලට පෙරලා බදු පැනවූ අතර එය 84%ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගෙනැවිත් තිබුණා.
මේ අතර දැවැන්ත තීරු බදු පැනවීම හමුවේ ලොව බොහෝ රටවල් එම බදු ප්‍රතිශත සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ද ඒ පිළිබඳ ඉල්ලීමක් කළා.
Saru FM Media