එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් ඇමරිකාවට පිටත්ව ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලේ දී ඊයේ (20) පැවසුවා.
බද්දේ බලපෑම අවම වන පරිදි විසඳීමකට පැමිණීමට හෝ එවැනි බදු පැනවීමක් වලක්වා ගැනීම සඳහා රජය උත්සාහ කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
“එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා. බද්ද මාස තුනක් කල් දැම්මාට පස්සේ ඔවුන්ගේ කන් කඩා වැටුණා. මොකක් හරි වෙලා මේකට අනතුරක් වේවා කියමින් ඔවුන් ප්‍රාර්ථනා කරමින් ඉන්නේ” යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසුවා.
ලෝකයේ කුමන ආකාරයේ සුළියක් හැමුවත් නොසැලෙන වර්ගයේ ආර්ථිකයක් නිර්මාණය කරන්න උත්සාහ කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ලේ පැවති ජන රැළියකදී ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව පැවසුවා.
Saru FM Media