ට්‍රම්ප්ට විරෝධය පළකරමින් ඇමෙරිකාව පුරා විරෝධතා

0
13


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධය පළකරමින් ඇමෙරිකාව පුරා විරෝධතා ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොනල්ඩ් ට්ර්ම්ප් ජනවාරි මාසයේ දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුට විරෝධය පළකරමින් පැවැත්වෙන විශාලතම ජන රැළි මාලාව මෙයයි.

විපක්ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතා හරහා ඇමෙරිකාවේ සමාජීය හා ආර්ථික ගැටලු කෙරෙහි ට්‍රම්ප් අවදානය යොමු කිරීම අරමුණයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහ තුළම ස්ථාන 1,200කදී මෙම විරෝධතා පැවැත්වෙන බව සංවිධායකයින් පවසන බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඊයේ බොස්ටන් / චිකාගෝ / ලොස් ඇන්ජලිස් / නිව්යෝර්ක් / වොෂින්ටන් හා අනෙකුත් නගරයන්හිදී පැවති විරෝධතා සදහා දහස් ගණනක පිරිසක් සහභාගි වූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ට්‍රම්ප්ගේ නව තීරුබදු වලට විරෝධය පළකරමින් ඉදිරි දින කීහිපය තුළදී ලන්ඩන් පැරිස් හා බර්ලින් යන නගරවලදී ද විරෝධතා පැවැත්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here