ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවන්ට ඇමරිකාව පුරා දහස් ගණනක් එක් වේ

0
6


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ඊයේ(19)දිනයේදී විශාල පිරිසක් විදි බසිමින් විරෝධත්වයන් දක්වා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ දේශපාලන විරෝධතා වඩාත් සුලභ වෙමින් පවතින සමයක මෙම විරෝධතා ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සංවිධානය කර තිබිණි.

ප්‍රකෝටිපති එලෝන් මස්ක් යටතේ ක්‍රියාත්මක වන රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ((Doge) ක්‍රියාමාර්ග ගණනාවක් , එක්සත් ජනපද රජයේ රැකියා සහ අනෙකුත් වියදම් කපා හැරීමට ට්‍රම්ප් කටයුතු කිරීම, එල් සැල්වදෝරයේ පුරවැසියෙකු වන ඇබ්‍රෙගෝ ගාර්ෂියා නැවත පැමිණීමට පරිපාලනයේ අකමැත්ති වීම ආදී ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග ගණනාවක් මුල්කරගෙන මෙම විරෝධතාවන් සංවිධානයව පැවතිණි.

කෙසේ නමුත්, ඇමරිකා එක්සත් ජනපදයේ නවතම මත විමසුමෙන් පෙනී යන්නේ, ට්‍රම්ප්ගේ ධූර කාලයේ පළමු කාර්තුවේදී ඔහුගේ ක්‍රියාකාරිත්වය අනුමත කරන ජන්ද දායකයන් 45% ක් වන බවත්, එය ඔහුගේ පළමු පරිපාලන කාලයේ එම කාලය තුළ අනුමත කළ 41% ට වඩා වැඩි බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here