අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.
ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත.
මේ අතර වාර්තා වනුයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක් වෙමින් පවතින බවය.
දෙවැනි වරට බලයට පත්වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
විශේෂයෙන් තීරුබදු පැනවීම මගින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප්ට විවේචන එල්ල වූ අතර එම තීරුබදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විනාශයේ ගමන් මාර්ගයකට යොමු වෙමින් පවතින බව සඳහන් කරමින් එක්සත් ජනපදයේද විරෝධතා ව්‍යාපාරද නිර්මාණය විය.
Saru FM Media