ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වන විට දියත් කර ඇති අසීමිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ආසියාවේ ප්‍රමුඛ ආර්ථික බලවතුන් වන ජපානය, චීනය සහ දකුණු කොරියාව නව නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එක්සත් ජනපද තීරුබදු වැඩිකිරීම් නිසා ලෝකයේ ප්‍රධාන අපනයන කරුවන් වන ජපාන, චීන සහ දකුණු කොරියානු වෙළඳ අමාත්‍යවරු ඉරිදා සෝල්හිදී නිවේදනය කළේ ත්‍රෛපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බවයි. ආර්ථික ආරක්ෂණවාදය ඉදිරියේ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) කොන්දේසි සංශෝධනය කිරීමටත්, ආසියා-පැසිෆික් ආර්ථික සංවිධානයට (RCEP) නව සාමාජිකයින් එක් කර ගැනීමටත් රාජ්‍යයන් තුන අපේක්‍ෂා කරනු ලබයි.
මේ වන විට චීනය එක්සත් ජනපදය වෙත සිදු කරන සියලුම අපනයන් සඳහා ගෝලීය වශයෙන් 20% ක අධිභාරයකට මුහුණ දී සිටී. මෙම තත්වය මත ආසියාව තුළ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී වෙළඳ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිචාර වැඩි වෙමින් පවතී. අප්‍රියෙල් දෙවන දා සිට “නිදහසේ දිනය” ලෙස නම් කරමින් ට්‍රම්ප් විසින් ලෝකයේ විවිධ රටවල් ඉලක්ක කරමින් තම බදු ප්‍රතිපත්තිය ඉහල දමන බවට තර්ජනය කරමින් සිටි.
මෙම තත්වය හමුවේ ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමේ සමාජ ජාල ප්‍රවනතාවයන්ද යුරෝපය පුරා මතු වෙමින් පවතී. පසුගිය සතිය වන විට එලන් මස්ක් ට අයත් ටෙස්ලා සමාගමේ ගණුදෙනු 45%කින් කඩා වැටී ඇත. යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව යම් සම්මුතියකට පැමිණීමට අපෝසත් වුවහොත් එරට තෙල් අපනයනයන් සඳහාද තම බදු ප්‍රතිපත්තිය දෙගුණ කරන බව ට්‍රම්ප් ඊයේ දැනුම් දුන්නේය. ඉන් පසුව ඔහු ප්‍රකාශ කලේ සෙලෙන්ස්කි ද එරට දුලබ ආර්ථික සම්පත් බෙදා ගැනීම සඳහා ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම සංශෝධනය කිරීමට උත්සහ කල හොත් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට යුක්රේනයට සිදුවනු ඇති බවයි.
වොෂින්ටනයේ මෙම තීරුබදු වැඩි කිරීම් උත්සන්න වීමත් සමඟ, ප්‍රධාන ආසියානු බලවතුන් තුනේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍යවරු ඉරිදා සෝල්හිදී රැස්වූහ. එය වසර 2020න් පසු ඔවුන්ගේ පළමු ත්‍රෛපාර්ශ්වික රැස්වීම විය. මාර්තු මැද සිට එක්සත් ජනපදය තම රටට ඇතුළු වන වානේ සහ ඇලුමිනියම් සඳහා 25% ක රේගු බදු පනවා ඇති අතර, අප්‍රේල් 2 වන දින සිට එම අනුපිළිවෙලෙහිම සිට අධිභාර බදු ප්‍රතිපත්තියක් ආනයනික ආසියානු හා යුරෝපීය මෝටර් රථවල නිෂ්පාදන වලටද බලපානු ඇත.
ජාත්‍යන්තර ආර්ථික මුලාශ්‍ර වලට අනුව චීනය, ජපානය සහ දකුණු කොරියාව ලෝක ජනගහනයෙන් 20% ක් නියෝජනය කරනු ලබන අතර, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් සහ ගෝලීය වෙළඳාමෙන් 20% ක් පමණ ද නියෝජනය කරයි. ජපානය සහ දකුණු කොරියාව එක්සත් ජනපද වාහන ආනයනයෙන් පිළිවෙලින් 16% සහ 15% ක් පමණ නියෝජනය කරනු ලබයි. චීනය, තමන්ගේ පැත්තෙන්, එක්සත් ජනපදය වෙත සිදු කරන සියලුම අපනයන සඳහා 20% ක ගෝලීය අධිභාරයකට යටත් කිරීමට ඇමරිකාව විසින් ඉලක්ක කර ඇත.
රටවල් තුනේ වෙළඳ ඇමතිවරුන්ගේ හමුවෙන් පසු නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශට අනුව, “පුළුල් සහ සාධාරණ ත්‍රෛපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා වේගවත් කිරීමේ අරමුණින් සාකච්ඡා දිගටම කරගෙන යාමට” දකුණු කොරියානු අහ්න් ඩුක්-ගියුන්, ජපන් යෝජි මුටෝ සහ චීන වැන්ග් වෙන්ටාඕ යන අමාත්‍යවරුන් තිදෙනා එකඟ වූහ. මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා 2013 දී ආරම්භ කරන ලද අතර, 2019 දී අත්හිටුවන ලද අතර, පසුව 2024 දී සෝල් හි පැවති සුවිශේෂී සමුළුවකදී නැවත ආරම්භ කරන ලදී.
නුදුරු අනාගතයේ දීම “නිදහස්, විවෘත, සාධාරණ, කිසිදු අනිසි බලහත් කාරයන් වලින් තොර, විනිවිද පෙනෙන සහ සක්‍රීය ” වෙළඳ පරිසරයක් පෝෂණය කිරීම සඳහා “ගෝලීය වශයෙන් සැමට සමානයන් ලෙස ආයෝජනය කල හැකි ජාත්‍යන්තර වෙළඳ පලක් සහතික කිරීමට” ආසියානු දැවැන්තයන් තිදෙනා අදහස් කරන බව අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පණිවිඩය ආසියානු නිෂ්පාදකයින් අතර අවිනිශ්චිතතාවයට හේතු වන ට්‍රම්ප් පරිපාලනයෙන් නැවත නැවතත් සිදුවන අත්තනෝමතික හැරීම් වෙත ඍජුව අවධානය යොමු කෙරේ. එබැවින් සැපයුම් දාම ස්ථාවර කිරීම, අපනයන පාලන ප්‍රතිපත්ති වඩා හොඳින් සම්බන්ධීකරණය කිරීම සහ වෙළඳ ආතතීන් ලිහිල් කිරීම සඳහා “ටෝකියෝ, බීජිං සහ සෝල් පාලනයන් ක්‍රමයෙන් ඔවුන්ගේ සහයෝගීතාව තීව්‍ර කළ යුතුය”.යන්නද අවධාරණය කරනු ලැබ ඇත.
වඩාත් පුළුල් ලෙස, ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා සහ චීනය ඇතුළු ආසියා-පැසිෆික් රටවල් 15 ක් දැනටමත් එක්ව කටයුතු කරන විශාල වෙළඳ ගිවිසුමක් වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමට නව රටවල් දිරිමත් කිරීම සඳහා “සමීපව එකට වැඩ කරන” බවට ද ඔවුන් පවසා සිටි.
“ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ලොව පුරා පැතිර යමින් ගෝලීය වෙළඳාමට දැඩි පීඩනයක් එල්ල කරමින් පවතී. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීම සහ කලාපීය ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා රටවල් තුන ඔවුන්ගේ වගකීමට උර දිය යුතුය,” චීන රජය ද වෙනම ප්‍රකාශයක් මගින් ඉහත අත්සන් තැබූ සම්මුතිය නිකුත් කිරීමෙන් පසුව යලි අවධාරණය කර තිබිණි.
Saru FM Media