ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමත් සමඟ ආසියානු කොටස් වෙළඳපොළ කඩාවැටීමක්

0
10


ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු ප්‍රතිපත්තියත් සමඟ ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් සියල්ලම කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ඒ, අනුව ජපානයේ නිකේයි කොටස් වෙළෙඳපොළ 6.5%කින්, හොංකොං හි හැං සෙන්ග් කොටස් වෙළෙඳපොළ 10.6%කින් සහ මධ්‍යම චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ 6.4% කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළ 5.2% කින්, තායිවානයේ තායිඑක්ස් කොටස් වෙළෙඳපොළ 9.7% කින් ද, සිංගප්පූරුවේ STI කොටස් වෙළෙඳපොළ 7.5%කින් කඩා වැටී තිබෙනවා.

මීට අමතරව ඉන්දියාවේ සෙන්සෙක්ස් කොටස් වෙළෙඳපොළ 3.7%කින් පහළ ගොස් ඇති අතර, නිෆ්ටි 50 කොටස් වෙළෙඳපොළ 4.0%කින් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here