ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා

0
10


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු ප්‍රතිපත්තිය හෙළා දකිමින් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර රැසක් ආරම්භ කර තිබෙනවා.

ඒ අතර එරට බිලියනපතියෙකු වූ එලොන් මස්ක්ට ද එරෙහිව අමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ ප්‍රාන්ත 50 ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ දිනයේදී ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පවත්වා තිබෙනවා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරණයකට අනුව තීරු බදු පැනවීම් හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇති වන බව එම විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

තවද ආර්ථිකය, සංක්‍රමණ සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාමාර්ගවලට එරෙහිව ද දහස් ගණනක් විරෝධතාකරුවන් විරෝධය පලකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවත් අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ටි්‍රලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවත් එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර තිබෙනවා.

එමෙන්ම බි්‍රතාන්‍යයේ ලන්ඩනය, ප්‍රංශයේ පැරිස් නුවර, ජර්මනියේ බර්ලින් නුවර ද ට්‍රම්ප්ට විරෝධය පළ කරමින් ජනතාව විසින් විරෝධතා රැලි පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.                     
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here