ට්‍රම්ප්ගේ තීරු බදුවලට පලි නොගන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි

0
16


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදුවලට එරෙහිව පලිගැනීම් සිදු නොකරන ලෙස එරට භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා සිටිනවා.

ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනතාවගෙන් හා වෙළෙඳ හවුල්කාර රටවලින් එම ඉල්ලීම සිදු කළා.

ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි පලිගැනීමක් කළහොත් තීරු බදු තවදුරටත් ඉහළ යාම පමණක් සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවනවා.

එබැවින් මෙම අවස්ථාවේ සිදු කළ යුත්තේ හොදින් අසුන්ගෙන ගැඹුරු හුස්මක් ලබාගනිමින් සිදු වන්නේ කුමක්ද යන්න අවබෝධයෙන් යුතුව නිරීක්ෂණය කිරීම බවයි ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

පලිගැනීමක් සිදු නොකළහොත් පැනවෙන උපරිම තීරු බදු මෙය වනු ඇති බව ද ඔහු පවසනවා.

චීනය ,යුරෝපා සංගමය  , තායිවානය , ඉන්දියාව පාකිස්ථානය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගනිමින් ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ දිනයේදී නව තීරු බදු හඳුන්වා දුන්නා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here