ට්‍රම්ප්ගේ තීරුබදු ගැන කතාකරන්න ඉතාලියේ අගමැතිනිය ධවල මන්දිරයට

0
9


ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි ධවල මන්දිරයට පැමිණ තිබෙනවා. 

එහිදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු පිළිබඳවයි. 

දැනට දින 90ක කාලයක් සඳහා අදාළ තීරුබදු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා. 

එම කාලය අවසන් වීමට පෙර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුමකට එළඹෙනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

අමෙරිකානු ජනාධිපති විසින් ආනයනික භාණ්ඩ මත විශාල වශයෙන් තීරුබදු පැනවීමෙන් පසු වොෂිංටනයට පැමිණි පළමු යුරෝපීය නායිකාව  ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

මේ අතර මෙම සාකච්ඡාවේදී ඉතාලියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කෙරුණු ආරාධනයක් ඔහු විසින් පිළිගෙන ඇති බවද වාර්තා වනවා. 

නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යුරෝපීය නායකයන් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට මෙය අවස්ථාවක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.  
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here