ට්‍රම්ප්ගෙන් තානාපති කාර්යාල රැසකට ප්‍රහාර

0
10


ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක මෙන් ම, ආසියාවේ සහ අප්‍රිකාවේ ද, ඇමරිකාව විසින් පවත්වා ගෙන ගිය තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල වසා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඇමරිකානු රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ සැලසුමකට අනුව එම තානාපති කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ. මේ ආකාරයට, රටවල් 30ක පමණ පවත්වා ගෙන ගිය තානාපති කාර්යාල ඉවත් කර ගැනීමට නියමිත ය.

ප්‍රංශයේ පිහිටා තිබෙන ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල 5ක්, ජර්මනියේ පිහිටුවා තිබෙන 2ක්, බොස්නියාවේ පවත්වාගෙන යන එම කාර්යාල 2ක් ද වසා දැමීමට සැලසුම් කර ඇත. ඊට අමතරව, ඉරාකය, දකුණු සුඩානය, කොන්ගෝව, සෝමාලියාව ඇතුළු රටවල් රැසක පවත්වා ගෙන යන තානාපති කාර්යාල වසා දැමීමට නියමිත ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here