ජෝස්ටන් යලි රක්ෂිත බන්ධනාගාරයට… නඩුවේ සාක්ෂි විභාගය කල්යයි… – Saru News | සිංහල

0
2

වෙළෙඳ ඇමති වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර ඒවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කිරම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 06 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණය අද (12) නියෝග කර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ සතොස රථවාහන අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 06 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ ඇමති වශයෙන් කටයුතු කරමින් ස.තො.ස. ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here