20 වැනි සියවසේ අගභාගයේ විලාසිතා ලොව ප්‍රවීනයෙකු වූ ,එම විෂයයෙහි ප්‍රකට , කීර්තිමත් පුරෝගාමියකු වූ ජෝර්ජියෝ අර්මානි පසුගිය 4 වැනිදා මිලාන්හි දී මිය ගියේය. මේ හේතුවෙන් ඉතාලියේ මිලාන් මහ නගර සභාව එළැඹෙන සඳුදා නගර ශෝක දිනයක් බව ප්‍රකාශ කර ඇත.
ජෝර්ජියෝ අර්මානි හැඳින්වූයේ , විලාසිතා ලොව රජු ලෙසිනි . හෙතෙම 1934 ජූලි 11 වැනිදා ඉතාලියේ පියසෙන්සා ( Piacenza, Italy ) හි උපත ලැබීය.
ඔහුගේ අභාවය පිළිබඳ ජෝර්ජියෝ අර්මානි සමාගම නිවේදනයක් නිකුත් කර තිබිණි .
“මෙම පවුල ආරම්භ කර පෝෂණය කළ තැනැත්තා විසින් ඉතිරි කරන ලද හිස්බව අපට දැනේ. නමුත් අර්මානි සමඟ සැමවිටම වැඩ කළ සේවකයන් සහ පවුලේ සාමාජිකයන් වන අපි, ඔහු ගොඩනඟන ලද දේ ආරක්ෂා කිරීමට සහ ඔහුගේ සමාගම ඉදිරියට ගෙන යෑමට, ගෞරවයෙන්, වගකීමෙන් සහ ආදරයෙන් කැපවී සිටිමු . ඒ ඔහුගේ ආත්මය තුළය.”
ලෙස එම නිවේදනයේ දැක්වේ .
ජෝර්ජියෝ අර්මානි ගේ අවමංගල්‍ය කුටිය සෙනසුරාදා සහ ඉරිදා අර්මානි/ටීට්‍රෝ හි , වියා බර්ගොග්නෝන් 59 පිහිටුවා තිබේ . එය පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා විවෘතව පවතින බව ද සමාගම නිවේදනය කර තිබේ .
මෙය පෞද්ගලික අවමංගල්‍යය උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතය . ඒ අර්මානිගේ අවසන් කැමැත්තට අනුවය .



Saru FM Media