ජෝර්ජියා මෙලෝනිගේ රස කතාවලින් අමෙරිකාවේ බලවතා නම්‍යශීලී වෙයි?

0
12


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා සංගමය සුබවාදී වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

NDTV මාධ්‍ය වාර්තා කරන පරිදි අද (18) පෙරවරුවේ යුරෝපා සංගමයේ සාමාජිකාවක් වන ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි සමග සාකච්ඡා කරමින් මේ බව ට්‍රම්ප් සඳහන් කෙරුණා.

එහිදී ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට පනවනු ලැබූ තීරුබදු ක්‍රියාවලිය සංශෝධනය කිරීමට ඉක්මන් නොවිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෝනි හට පවසා ඇත්තේ.

යුරෝපය සමඟ ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය තීව්‍ර කළ හැකි එකම යුරෝපීයයා ලෙස තමාව ඉදිරිපත් කරමින්, ජෝර්ජියා මෙලෝනි සිය ආර්ථික අදහස් ට්‍රම්ප් සමග සාකච්ඡා කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද – යුරෝපා සංගම් තීරුබදු ගිවිසුමක් පිළිබඳ ව ශුභවාදී සටහනක් තැබීම ද මෙහි දී සිදු කෙරුණු අතර, අන්ත දක්ෂිණාංශික ඉතාලි අගමැතිනිය ධවල ​​මන්දිරයේදී ආකර්ෂණීය ආර්ථික අදහස් මාලාවක් ගෙන හැර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

බටහිර නැවත ශ්‍රේෂ්ඨ කිරීමට ට්‍රම්ප්ගේ සහාය අවශ්‍ය බව මතු කළ මෙලෝනිගේ අදහසට පිළිතුරු දෙමින් ට්‍රම්ප් කියා ඇත්තේ; “සියයට සියයක් වෙළඳ ගිවිසුමක් ඇති වේවි..” යනුවෙන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here