රාජ්‍ය දේපළ අයතා භාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුතේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.
ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
එහිදී මහේස්ත්‍රාත් නියෝග කර ඇත්තේ මෙම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමති ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කරමින් තමන්ට අයත් මත්පැන් නිෂ්පාදන සමාගමකට සතොස ආයතනයේ ලොරි රථ යෙදවීම, එම ආයතනයේ වැටුප් හා දීමනා ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා සහ කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනාවලට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගියදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.
1
Saru News










