ජෙකොබ් ඩෆීට T20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ මුල් පුටුව

0
15


T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම් අනුව එහි පළමු තැන ලබා ගන්නට නවසීලන්තයේ වේග පන්දු යවන්නෙකු වන ජෙකොබ් ඩෆී (Jacob Duffy) සමත් ව තිබෙනවා.

අප්‍රේල් මස 01 වැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කර ඇති අතර ඩෆී ස්ථාන 04කින් ඉදිරියට ඒමටයි සමත් ව ඇත්තේ.

ඩෆී පසුගියදා වෙලින්ග්ටන් හි දී සංචාරක පාකිස්තානයට එරෙහිව පැවති T20 තරගයේ දී දක්වන ලද විශිෂ්ට පන්දු යැවීමේ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම ස්ථානය හිමි ව තිබෙනවා.

ඩෆී පාකිස්තානයට එරෙහිව තරග 05ක දී කඩුලු 13ක් බිඳ හෙලීමට සමත් වුණා.

විශේෂයෙන් ම ලකුණු 14කට කඩුලු 04ක් දවා ගනිමින් කඩුලු බිඳ දැමීමේ දී සාමාන්‍යය 8.38ක් ලෙසයි ඩෆී රඳවාගෙන ඇත්තේ.

එය ඩෆීගේ වෘත්තීය 20-20 තරග රටාවේ හොඳම පන්දු යැවීම ද වනවා.

මෙම දක්ෂතා හේතුවෙන් නවසීලන්තයට සංචාරක පාකිස්තානය තරග 4-1ක් ලෙස පරාජයට පත් කිරීමට ද හැකිවුණා.

නවතම යාවත්කාලීන කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක් ස්ථානයකින් පහත වැටී ඇත්තේ සිය ස්ථානය 5 බවට පත් කරගනිමින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here