ලබන ජූලි මාසයේ සිට වැඩිහිටි දීමනාව ගෙවනු ලබන්නේ බැංකු ගිණුම් ඔස්සේ පමණක් යැයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
එම නිසා ජාතික හැඳුනුම්පත් නොමැති වැඩිහිටියන් සිය වසමේ ග්‍රාම නිලධාරිවරයා හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි විෂය භාර නිලධාරිවරයා මඟින් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්නා ලෙස ද වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
මේ වන විටත් බැංකු ගිණුම් මඟින් වැඩිහිටි දීමනාව ලබාගන්නා වැඩිහිටියන්ගේ ගිණුම්වලට මාර්තු මාසයට අදාළ දීමනාව බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල ඔස්සේ දීමනාව ගනු ලබන ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මස 09, 10, 11 දිනයන්හිදී මාර්තු මස දීමනාව ගෙවීමට සැලසුම් කර ඇත.
අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවනු ලැබෙයි.
Saru News
















