ජූලියන් නගරය ආසන්නව රික්ටර් මාපක 5.2 ක භූමිකම්පාවක් සහ කුඩා පසු කම්පන කිහිපයක්!

0
17


රෂිකා හෙන්නායක අප්‍රේල් 15,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ප්‍රදේශයේ ජූලියන් නගරය ආසන්නව රික්ටර් මාපක 5.2 ක භූමිකම්පාවක් සහ කුඩා පසු කම්පන කිහිපයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාව  එරට වේලාවෙන් පෙ.ව. 10:08 ට සිදු වූ අතර එහි අපකේන්ද්‍රය සැන් ඩියාගෝ ප්‍රාන්තයේ ජූලියන් සිට සැතපුම් තුනක් පමණ දකුණින් පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බව, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිලධාරීන් සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , එහි ප්‍රබලත්වය දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ මෙක්සිකෝවටත්, උතුරින් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දක්වා සැතපුම් 120 ක් පමණ දුරටත් දැනී තිබුන බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ඇති වි තිබෙන අතර, හානි හෝ තුවාල පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , දකුණු කැලිෆෝනියාවේ වසරකට භූමිකම්පා 10,000ක් පමණ ඇතිවන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here