Monday, May 19, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ජුනි මුල් සතියේ අනුමතවූ පසු සියයට 18.3 කින් විදුලිය වැඩිවන හැටි

ජුනි මුල් සතියේ අනුමතවූ පසු සියයට 18.3 කින් විදුලිය වැඩිවන හැටි

0
4


how-electricity-increased-by-183-percent-after-approval-in-the-first-week-of-june

විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සියයට 18.3 කින් ඉහළ දැමීමේ යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශයට පත් කරන බවත් මහජන උපයෝගිතා කොමිසම මෙම තීරණය ගැනීමේදී මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුකූලව කටයුතු කරන බවත් දන්වා ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ඇති බවත්, ඒ සඳහා මාසයකට වැඩි කාලයක් ගත වන බවත් පෙන්වා දී ඇත.


විදුලි පාරිභෝගිකයන්හට උපරිම සාධාරණත්වය සැලසෙන පරිදි නීත්‍යානුකූල තීරණයක් ගන්නා බවද අවධාරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ ජූනි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත පසුගිය සිකුරාදා දින යොමු කර තිබේ. විදුලිබල මණ්ඩලයට සිදුව ඇති මූල්‍ය පාඩුව සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාළ යෝජනාවේ සඳහන් කර ඇත.

පසුගිය ජනවාරි මාසයේදී, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු සියයට 20 කින් පහළ දැමීමට පියවර ගත් බව සඳහන් කරමින්, විදුලිබල මණ්ඩලය පවසන්නේ එම තීරණය විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වය යටතේ, ජූනි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ විදුලිබල මණ්ඩලයේ මූල්‍ය හිඟය රුපියල් මිලියන 42,196 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින්, මෙවර ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු සියයට 18.3 කින් ඉහළ දැමීමට අවශ්‍ය බව යෝජනාවේ දක්වා ඇත.

ඒ අනුව, විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ දැමීමට යෝජනා කර ඇත.


මෙම ගාස්තු වැඩිවීම ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත හා හෝටල් සහ රාජ්‍ය ආයතන යන සියලුම අංශවලට බලපානු ඇත.

ගෘහස්ථ අංශය සඳහා යෝජිත විදුලි ගාස්තු වැඩිවීම

  • ඒකක 0 – 30: වත්මන් ගාස්තුව ඒකකයකට රු. 4.00 සිට රු. 4.75 දක්වා වැඩි කිරීමට සහ ස්ථාවර ගාස්තුව රු. 75 සිට රු. 90 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

  • ඒකක 31 – 60: වත්මන් ගාස්තුව ඒකකයකට රු. 6.00 සිට රු. 7.00 දක්වා වැඩි කිරීමට සහ ස්ථාවර ගාස්තුව රු. 200 සිට රු. 235 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

  • ඒකක 61 – 90: වත්මන් ගාස්තුව ඒකකයකට රු. 14.00 සිට රු. 16.60 දක්වා වැඩි කිරීමට සහ ස්ථාවර ගාස්තුව රු. 400 සිට රු. 475 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

  • ඒකක 91 – 120: වත්මන් ගාස්තුව ඒකකයකට රු. 20.00 සිට රු. 23.65 දක්වා වැඩි කිරීමට සහ ස්ථාවර ගාස්තුව රු. 1,000 සිට රු. 1,185 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

  • ඒකක 121 – 180: වත්මන් ගාස්තුව ඒකකයකට රු. 33.00 සිට රු. 39.50 දක්වා වැඩි කිරීමට සහ ස්ථාවර ගාස්තුව රු. 1,500 සිට රු. 1,775 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

  • ඒකක 181+: වත්මන් ගාස්තුව ඒකකයකට රු. 52.00 සිට රු. 61.55 දක්වා වැඩි කිරීමට සහ ස්ථාවර ගාස්තුව රු. 2,000 සිට රු. 2,370 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

මෙම යෝජිත විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් සිටින අතර, අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කොමිසම විසින් සියලු පාරිභෝගිකයන්ගේ යහපත සැලකිල්ලට ගනිමින් යෝජනාව පිළිබඳව සාධාරණ තීරණයක් ගන්නා බව අවධාරණය කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here