ජීවිත 40කින් වන්දි ගෙවූ නඩු තීන්දුවක් – Saru News | සිංහල

0
3

මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්දක් ගොඩ කිරීමට එරෙහිව 2015 වසරේ දී මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ජීවිත 40ක් අහිමි වීමෙන් පසුව එම පෙත්සම් පිළිබඳව නඩු විභාගය අවසන් කර ඊයේ (31) තීන්දුව ලබා දුන්නේ ය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දු කර තිබේ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර වසර දෙකකට ආසන්න වී තිබියදී 2017 අප්‍රේල් 14 වෙනි දින, එනම් අලුත් අවුරුදු දිනයේ කුණු කන්ද පුපුරා ගොස් ජීවිත 40ක් බිලි ගත්තේ ය. පුද්ගලයන් 32 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර, 8 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට නොහැකි විය. එම ඛේදවාචකයෙත් වසර 9කට අධිකරණයෙන් මෙම තීන්දුව ලැබී තිබේ.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කුණු කන්දක් නිර්මාණය කර තිබූ අතර, 2009 දී අධිකරණ තීන්දුවක් අනුව මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර 2ක ඉඩමකට තාවකාලිකව කුණු බැහැර කිරීමට ලබා දුන්නේ ය. නමුත් පසුව එය අක්කර 19ක් දක්වා ව්‍යාප්ත කර ගොඩ ගසා තිබූ කුණු කන්ද පුපුරා යාමෙන් ජීවිත 40ක් අහිමි විය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here