ජීවිත 21ක් බිළිගෙන අඩි 100ක ප්‍රපාතයක නතර වූ බස් රථය ගොඩගනී (ඡායාරූප)

0
3


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය (11) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා.

එලෙස ගොඩගත් බස් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසිය සහ යුද හමුදාව එක්ව දොඹකර ආධාරයෙන් බස් රථය ප්‍රපාතයෙන් ගොඩගත බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ලංගම බස් රථය අද (11) අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මියගිය පිරිස අතර කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට මෙම වන්දි ලබාදීමට නියමිතයි.

01 7
01 6
01 5
01 4
01 2
01 3



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here