ජීප් රථයක් පෙරළී දෙදෙනෙක් රෝහලේ

0
9


මහනුවර – වත්තේගම ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් කටුගස්තොට, කුකුළා කුඹුර මංසන්දියේ දී ජීප් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (06) අලුයම එකට පමණ සිදු වූ මෙම අනතුරින්  පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කටුගස්තොට, ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කටුගස්තොට ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන්  කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here