ජිම් උපදේශිකාවට සෝෂල් මීඩියාවලින් ලිංගික අතවර කළැයි 2ක් රිමාන්ඩ් 

0
2

සමාජ මාධ්‍ය හරහා විවාහක කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම නියම කළාය.

කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ හා කඩවත, මහර, කෝපියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙහිදී කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රත්නායක (90071) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කෙළේය.

මේ කාන්තාව කායවර්ධන මධ්‍යස්ථානයක උපදේශිකාවක් ලෙස කටයුතු කරන බවත්, ඇයට සමාජ මාධ්‍ය මගින් කරන ලද ප්‍රකාශ තුළින් ඇය දැඩි අපහසුතාවට, මානසික පීඩාවට හා ශාරීරික අපහසුතාවට මෙන්ම පවුල් පරිසරයට අධික කම්පනයක් ඇති වී තිබෙන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here